Friday, April 12, 2013

Happy new year





අලුත් අවුරුදු චාරිත්‍ර

පරණ අවුරුද්ද සඳහා ස්‌නානය

අප්‍රේල් මස 13 වැනි බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා අපර භාග 01.01 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06.37 සිට රාත්‍රි 07.25 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වැනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 06.37 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා අපර භාග 01.06 ට රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප්බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබත් ද කැවිලි වර්ගයක්‌ ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු
කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්‌පතින්දා අපර භාග 03.18 ට රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන්

සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි සෙනසුරාදා පූර්ව භාග 07.41 ට දකුණු දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත් ද තබා නීලවර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත් වීම

අප්‍රේල් මස 18 වැනි සඳුදා පූර්ව භාග 06.28 ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී බත් සහ දී කිරි මිශ්‍ර ආහාරයක්‌ අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වීම මැනවි.


සැ. යු. - ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

0 comments:

Post a Comment